කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ පනිවිඩය
බස්නාහිර පළාත තුළ ඇති අධ්‍යාපන කලාප අතරින් සුවිශේෂී අධ්‍යාපන කලාපයක් ලෙස ලෙස මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය මම දකිමි. පාසල් 159 ක් සහිත මෙම කලාපය විවිධත්ත්වයක් සහිත පාසල් වලින් යුක්ත අධ්‍යාපන කලාපයකි. විවිධ ආර්ථික , සමාජ,දේශපාලන හා ආගමික පරිසරයන් සහිත පාසල් පද්ධතියක් මෙම කලාපයට හිමිය.කොට්ඨාස 3 ක් සහිත මෙම කලාපයේ පාසල් විශාල වපසරියක් තුළ විසිරී ඇත. ඓශ්චර්යවත් දේශයක් උදෙසා ගුණාත්මක අධ්‍යාපනයක් යන දැක්ම අනුව කලාපයේ සීමිත සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් ඵලදායීව පාසල් පද්ධතියේ යොදවමින් ප්රශස්ත මට්ටමේ ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනයක් මෙම කලාපය තුළට උදා කරවීම මගේත් අප කාර්ය මණ්ඩලයේත් ඒකායන අරමුණ වේ.ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම,කළමනාකරණය,අධීක්ෂණය හා මඟ පෙන්වීම අපගේ ප්‍රධාන කාර්යභාරය වේ.
|
ඒ.ඩබ්.ආර්.පෙරේරා- කලාප අධ්‍යාපන අධ්යක්ෂ.
අමතන්න - 0112295077,0714476855
අමතන්න - 0112295077,0714476855